Tuesday, December 1, 2015

කෂුද්‍ර ජීවී විද්‍යාව

                         තාක්ශනවේදය සඳහා විද්‍යාව 

1.කෂුද්‍ර ජීවී විද්‍යාව

අපි අද කතා කරන්නෙ යන්නෙ මෙම විශයේ මූලික පාඩම් අතරින් හැමෝම ආසාවෙන ඉගෙන ගන්න කැමති කෂුද්‍ර ජීවී විද්‍යාව පාඩම..පාඩමෙ හැමදෙයක්ම මේකට add කරන්න බැරි උනාට  මම හිතනව ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල .


අපි බලමු ඉස්සෙල්ලම මේ ක්ෂුද්‍ර ජීවින් කියල කියන්නෙ කාටද කියල ??


ක්ෂුද්‍ර ජීවීන් ඇත්තටම ඒ ඇස් දෙකෙන් බලාගන්න බැහැ ඒ කියන්නෙ මෙයාල 0.1mm වැඩිය පොඩි කට්ටියක් වෙනව...අන්වීක්ශෙකින් තමයි අපිට මෙයාලව බලන්න වෙන්නෙ ..සමහර අය නම් ඊටත් වඩා පොඩී "වෛරස් " වගේ කට්ටිය..එයාලව බලන්න වෙන්නෙ ඉලෙක්ට්‍රෝන අන්වීක්ශෙකින් තමයි..




ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර ජීවින් ප්‍රදාන කාණ්ඩ 5 ඉන්නව !

  1. බැක්ටීරියා
  2. දිලීර 
  3. වෛරස් 
  4. ඇල්ගී 
  5. ප්‍රොටොසෝවා 
මේ  ඉන්නෙ එයාල තමයි බලන්නකෝ කොයි වගේද කියල :) 







ක්ෂුද්‍ර ජීවීන් ගේ වියාප්තිය ගැන කතා කලොත් මෙයාල සර්ව වියාප්තිකයි කියනවනෙ








ඒ ඇයි කියල අපිදැන් බලමු ..


  • ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම 
  • ඉක්මනින් වර්ධනය වීමේ හැකියාව 
  • ප්‍රජනන හැකියාව 
  • පෝෂණ විවිධත්වය 
  • වෙනත් ජීවින් සමග ඇති අන්තර් සබදතා 




මෙන්න මේ කාරණා නිසාම මෙයාලට ලොකෙ ඕනම තැනක උනත් ජීවත් වෙන්න පුලුවන්..

(පස ,වාතය ,ජලය ,ශාක හා සත්ත්ව දේහ මතුපිට,අධික ශීත දේශගුනික පරිසර ,පෙට්‍රොලියම් නිදි ආශිතව,අධි ආම්ලික පරිසර ....)


මේකත් මතක තියාගන්නකෝ  කියවන ගමන් ...
හැබැයි නිරෝගී කෙනෙක්ගෙ රුධිරයෙ මෙයාල නෑ ..







කෂුද්‍ර ජීවින්ගේ පෝශණ විවිධත්වය



ක්ෂුද්‍ර ජීවින්ගේ පෝශන ක්‍රියාවලිය මෙන්ම ඒ හා සබැඳි ස්වසන විවිධත්වයක්ද මොවුන් තුල පවතී..


ඒ අනුව මොවුන්  ප්‍රධාන කාන්ඩ 4කට  වර්ග කෙරේ .
  • ස්වායු -මොව්න් ඔක්සිජන් පවතින ස්වායුක තත්ත්ව යටතේ පමන්ක් ජීවත් වේ
උදා :-accetobacter 
  • නිර්වායු -මොවුන් ඔක්සිජන් රහිත නිර්වායුක තත්ත්ව යටතේ  පමනක් ජීවත්වේ 
උදා :-clostridiaum
  • වෛකල්පිත නිර්වායු -ස්වායුක තත්ත්ව යටතේද නිර්වායුක තත්ත්ව යටතේ ජීවත් විය හැක 
උදා :-saccharamyces
         yeast 
  • ක්ෂුද්‍ර වාතකාමී-ඉතා අඩු ඔක්සිජන් සාන්ද්‍රන යටතේ ජීවත් වේ 
උදා :-lactobaciles




























































































1 comment: